5.9 kW Premium Solar Power System
රු. 890,000/- සෝලා සිස්ටම් එක කියන තරම් හොඳයිද? 🤔
ඒකකය රු. 37 කාලේ මිලියනයක් ගෙවලා සෝලා වලින් ලැබුන සඵල ප්රතිලාභයම (IRR 15% සහ Simple Payback Period 3-4 Years) ඒකකය රු. 27 දිත් ගන්න පුළුවන් වෙන්න පද්ධතිය ලක්ෂ 8.90 ට අපෙන්.
මේ පද්ධතිය ගණන් අඩු වුණා කියලා මේකේ Installation quality එක කිසිම විදිහකින් බාල වෙන්නේ නෑ. ඒ කියන්නේ ඇලුමිනියම් රේලින්ස් වලින් පටන් ගත්තම, උපරිම උත්පාදනයක් ලැබෙන විදිහට පැනල් නිවැරදි ආනතියට අපි සවි කරනවා. අඩුවට කරන සමහර අය 4 sqmm වලින් earth cable දැම්මත් අපි දාන්නේ 6 sqmm earth වයර් වලින්. අපි panels separate path එකකින් පොළොවට අරන් යනවා.
ජනනය උපරිම වෙන විදියට strings 1 කට හෝ 2 කට හෝ, ධන (+) සහ සෘණ (-) DC වයර් වෙන වෙනම SLS සහතික ලත් කල් පවතින PVC බට ඇතුලේ වෙන වෙනම BS Standards වල කියන විදිහට double insulated කරනවා.
Surge Protection Devices (SPD) සහ Isolators හරහා Inverter එක දක්වා අරගෙන එනවා. මේ inverter එකත් SPDත් අවම දුරකින් earth එකට අරගෙන ඇවිත් ප්‍රමාණවත් ඝනකම සහ ගැඹුර සහිත heavy earth rod හරහා භූගත කරන්නේ කොන්ක්‍රීට් earth pit එකක් හරහා අවශ්‍ය නම් electrolyte backfill එකකුත් එක්ක. මේක නිසා භූගත සම්බන්ධතාවය වැඩි වෙනවා වගේම earth rod එකටත් ආරක්ෂාවක් ලැබෙනවා වගේම ගෙමිදුලේ පෙනුමටත් බාධාවක් වෙන්නේ නෑ.
අපි භාවිතා කරන පැනල් සහ Inverter සියල්ලම ශ්‍රී ලංකා සුනිත්යබලශක්ති අධිකාරියේ පූර්ණ පරීක්ෂාවට ලක්ව පූර්ණ අනුමැතිය සහිතව ලංකාවට ගෙන්වන ඒවා නිසා, බොහොම විශ්වාසයෙන් යුතුව තමයි මේවා සවි කරන්නේ...
ඒ වගේම තමයි After Sales Services. මොන Inverter එක මොන පැනල් එක දැම්මත් වැඩක් වෙන්නේ නෑ පද්ධතිය හොදින් monitor කරේ නැතිනම්. ඒ නිසා Mobile Phone App එකෙන් ඔයා විතරක් නෙවෙයි, අපිත් මාසයක් යනකම් හෝ පද්ධතිය ස්ථාවර වෙනකම් දිනපතා ඒකක උත්පාදනය අධීක්ෂණය කරන එක අපේ විශේෂත්වයක්. ඒ අතරේ මාසිකව random check එකක් යනවා. CEB/LECO විදුලි ජාලයේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් ඔබගේ පද්ධතියේ උත්පාදනය වෙන විදුලිය ජාතික ජාලයට ගමන් නොකරන අවස්ථාවන් ඇතිවීම සාමාන්‍ය දෙයක් වගේම ඒ අවස්ථාවන් වලදී අදාළ ආයතන දැනුවත් කර මෙය යථා තත්වයට පත් කර ගැනීමට අපි අනිවාර්යයෙන්ම උපරිම සහයෝගය ලබා දෙනවා.
මේ post එකේ අපි දැනටමත් මීට කලින් ම සවි කරලා ටෙස්ට් කරලා තියෙන පද්ධති වල උත්පාදනයන් පවා පැහැදිළිව සඳහන් කරලා තියෙන්නේ....
සූර්ය පැනල පද්ධති සවි කරන්න CEB හෝ LECO අනුමැතිය ඔබේ පරිශ්‍රයේ ට්‍රාන්ස්ෆෝමරයේ ධාරිතාවය අනුව සීමිත නිසා, තවත් කල් ගන්නේ නැතිව අනිත් අයට කලින් ඉක්මනින් ම සූර්ය පැනල පද්ධතියක් සවි කර ගන්න එක ඔබේ අනාගතයට හොඳම ආයෝජනයක්!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!