තනතුර පිළිබද විස්තර:
සමාගම් විකුණුම් නියෝජිතයෙකු ලෙස, බීම නිෂ්පාදන සෘජු අලෙවිය (සාමාන්‍ය වෙළඳාම) ගනුදෙනුකරුවන් පිළිබඳ සොයා බැලීම, බීම නිෂ්පාදන බෙදා හැරීම සහ ඇණවුම් ලබා ගැනීම තුළින් විකුණුම් උත්පාදනය කිරීම ඔබ සතු වගකීමකි. පාරිභෝගික තෘප්තිය සහ පක්ෂපාතිත්වය සහතික කරමින් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ විකුණුම් ඉලක්ක සපුරා ගැනීම ඔබේ රැකියාවට ඇතුළත් වේ.
වගකීම්:
• සෘජු ඇණවුම් වැඩිකර ගැනීම සහ අලෙවිසැල් ප්‍රමාණය වැඩි කිරීම.
• වෙළඳපොළ ආශ්රිත තොරතුරු පිළිබද නිතර නිරීක්ෂණය කර විශ්ලේෂණය කර මනා දැනුවත්භාවයකින් සිටීම.
• විකුණුම් වැඩි කිරීමට පරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ උවමනාවන් පිළිබඳ සැලකිලිමත් වෙමින් දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන් සමඟ ශක්තිමත් සබඳතා ඇති කර ගැනීම සහ පවත්වාගෙන යාම.
• වෙළඳපොළ ප්රවණතා පිළිබඳ සහ වෙළඳපොළ පිළිබඳ මනා දැනුවත්භාවයක් තිබීම.
සුදුසුකම්:
• අලෙවි නියෝජිතවරයකු හෝ සෘජු අලෙවි නියෝජිතවරයකු ලෙස සේවා පළපුරුද්ද.
• ස්වාධීනව වැඩ කිරීමට සහ ඵලදායී ලෙස කාලය කළමනාකරණය කිරීමට හැකියාවක් තිබීම.
• සමාගම ලබා දී ඇති ඉලක්ක මත වැඩ කිරීමේ හැකියාව.
• මනා ශාරීරික සෞඛය තත්වයක් තිබීම.
• දිවයින පුරා සෘජු විකුණුම් හෝ වෑන් රථ අලෙවිකරණයේ අවම වශයෙන් වසර 3 ක පළපුරුද්දක් තිබීම වඩාත් සුදුසුය.
• වලංගු රියදුරු බලපත්‍රයක් සහ නිවැරදි රියදුරු වාර්තාවක් තිබීම.
• සිංහල භාෂාවෙන් වාචික සහ ලිඛිත ශක්තිමත් සන්නිවේදන කුසලතා. දෙමළෙන් කතා කිරීමේ හැකියාවක් තිබීම අමතර සුදුසු කමකි.
• හොද අන්තර් පුද්ගල කුසලතා. පාරිභෝගික කේන්ද්‍රීය ආකල්ප පිළිබඳ මනා දැනුවත්භාවයක් තිබීම.
• තොරතුරු තාක්ෂණය පිළිබඳ නිවැරදි සහ හොද දැනුමක් තිබීම.
• විකුණුම් ශිල්පීය ක්‍රම, සාකච්ඡා උපාය මාර්ග සහ විකුණුම් අවසන් කිරීමේ උපක්‍රම පිළිබඳ දැනුවත්භාවයක් තිබීම.
• විවිධ පරිසර තත්ත්වයන් යටතේ වැඩ කිරීමට සහ විවිධ පාරිභෝගික තත්ත්වයන් හැසිරවීමට හැකියවක් තිබීම.
වයඹ / උතුරු මැද / මධ්‍යම / ගම්පහ / කළුතර / දකුණ අයදුම්කරුවන් සදහා විවෘතයි.
අප සොයන නිවැරදි පුද්ගලයා ඔබ නම්, රැකියා පළපුරුද්ද පිළිබද ඔප්පු කළ වාර්තාවක් සහිත වත්මන් සහ පෙර රැකියාවේ නිලධාරීන් දෙදෙනෙකුගේ සම්බන්ධතා තොරතුරු ඇතුළුව ඔබගේ ජීව දත්ත පත්‍රය මෙම දැන්වීම නිකුත් කර දින 7ක් ඇතුළත අපට එවන්න careers.iws@dynanet.lk / hrd@iwsholdings.com. අයදුම්පතෙහි තනතුර සඳහන් කරන්න.
Manager – Human Resources
IWS Holdings (Private) Limited
IWS Centre: 451 Kandy Road, Kelaniya.
Telephone: 011 5394240/ 0776523083
Email : hrd@iwsholdings.com & careers.iws@dynanet.lk
Web : www.iwsholdings.com
An IWS Holdings Company
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!