LG Inverter 8 Kg Washer

For sale by Kodi's Group MEMBER 7 Dec 1:22 pmKiribathgoda, Gampaha

Rs 65,000

Negotiable


We have barely used LG Inverter Direct Drive 8 Kg Washer / 4 Kg Dryer Fully automatic, Front loading Washing machine for QUICK sale

මනා ක්‍රියාකාරී තත්වයේ ඇති LG 8 Kg Washer / 4 Kg Dryer නවතම ඉන්වර්ටර් ඩිරෙක්ට් ඩ්‍රයිව් තාක්ෂණයෙන් යුතු, පූර්ණ ස්වයංක්‍රීය, රෙදි සෝදන / වියලන යන්ත්‍රයක් වහාම විකිණීමට ඇත..

මෙරට අබාන්ස් ප්‍රදර්ශනාගාර වල මෙවැනි රෙදි සෝදන යන්ත්‍රයක වර්තමාන මිල රුපියල් එක්ලක්ෂ පනස් දහස ඉක්මවයි. අපගේ මිල රුපියල් හැටපන් දහසක් පමණි. මිලගණන් සාකච්ඡා කරගත හැකිය.

මෙම යන්ත්‍රය වර්ෂ තුන හමාරක පමණ කාලයක් භාවිතා කර ඇත. එම කාලය ඇතුලත සියලුම නඩත්තු හා සේවා කටයුතු අබාන්ස් ආයතනය මගින් සිදු කර ඇත. එබැවින් යන්ත්‍රය ඉතා හොඳ ක්‍රියාකාරී තත්වයේ පවතී.

මෙම යන්ත්‍රයෙන් ඔබට රෙදි කිලෝ 8ක් සෝදාගත හැකි අතර කිලෝ 4ක් සම්පුර්ණයෙන්ම වියලා ගත හැකිය. සේදීම සහ වියලීම එකම යන්ත්‍රයෙන් සිදුකරන බැවින් එය ඔබට වැසි සමයකදී මහත් පහසුවක් ගෙන දෙනු ඇත.

Key Details / මූලික විස්තර
-----------------------------------
Brand : LG
Model Number : F1203YD25
Loading Type : Front Load
Motor Type : Inverter Direct Drive
Washing Capacity : 8 Kg
Drying Capacity : 4 Kg
Washer Power Consumption (Max) : 2100 W (95°C Boiled Water Washing)
Washer Power Consumption (Max) : 160 W (Cold Water Washing)
Dryer Power Consumption (Max) : 1500 W
Used Time Period : 3.5 Years (Approx)
Working Condition : 100%
Body Condition : 90%+
Accessories : Available
Warranty : Yes (Checking Warranty)

Special Features / විශේෂාංග
---------------------------------------

Washer / Dryer 2 in 1 Combo Machine for save your Money, Home Space, Energy & Time.
රෙදි සේදීම සහ වියලීම සඳහා යන්ත්‍ර දෙකක් තබා ගැනීමේ වියදම, නිවසේ ඉඩකඩ, බලශක්තිය සහ ඔබගේ කාලය යන සියල්ල විශාල ලෙස ඉතිරි කරගත හැකිය.

LG Smart Inverter Superior Power Saving (Save Power up to 50%)
මෙහි ඇති ස්මාර්ට් ඉන්වර්ටර් තාක්ෂණය පෙර පැවති සාමාන්‍ය මාදිලියක රෙදි සෝදන යන්ත්‍රයක විදුලිබල අවශ්‍යතාවයෙන් 50%ක් ම කපා හරී.

Direct Drive Motor (50% More Durability & 80% Less Noise Silent Washing)
එලවුම් පටි (Belt) වලින් තොරව සෘජුවම සේදුම් ඩ්‍රම් (Drum) එකට සවි කර ඇති Direct Drive මෝටරය යන්ත්‍රයේ බලශක්ති කාර්යක්ෂමතාවය හා කල් පැවැත්ම 50%කින් වර්ධනය කර ඇති අතර අනවශ්‍ය ශබ්ධය (Noise) 80%කින් කපා හැර ඇත.

Smart Auto Control
ඔබ තෝරාගන්නා සේදුම් වැඩසටහනට අනුව සේදීමට ඇති රෙදි ධාරිතාවය සඳහා අවශ්‍යවන ජල ප්‍රමාණය, ජලයේ උෂ්ණත්වය හා සේදීමේ කාලය ස්වයංක්‍රීයව හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ හැකියාව මෙයට ඇත.

9 Automatic Wash Programmes : Baby Care, Cotton Quick, Cotton, Delicate, Synthetic, Wool/Hand Wash, Duvet, Quick 30, Wash+Dry
ඔබට තෝරාගත හැකි ස්වයංක්‍රීය සේදුම් වැඩසටහන් 9කින් මෙය සමන්විතය

7 Automatic Drying Programmes : Low Temperature, Iron, Cupboard, 30/60/120 minutes
ඔබට තෝරාගත හැකි ස්වයංක්‍රීය වියළීමේ වැඩසටහන් 7කින් මෙය සමන්විතය

5 Step Washing : Pre-Wash, Wash, Medic Rinse, Rinse+, Rinse
පියවර 5ක් දක්වා පුළුල් කරමින් සේදීමේ ක්‍රියාවලිය හැසිරවිය හැකි බැවින් ඔබට 100%ක් පිරිසිදු සේදීමක් සහතික කරයි

4 Speed Optimized Spin : 400, 800, 1000, 1400 rpm
සේදු රෙදි වලින් ජලය ඉවත් කිරීමේදී මිනිත්තුවට භ්‍රමණ වාර 400, 800, 1000, 1400 ලෙස පාලනය කරමින් රෙදිවල ආරක්ෂාව සහතික කර ගැනීමේ හැකියාව.

5 Level Automatic Heater & Temperature Control System : Cold, 30°C, 40°C, 60°C, 95°C
උෂ්ණත්ව ප්‍රමාණ 5කින් රෙදි සේදීමේ පහසුකම සහිත ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලකය සහිත ජල හීටරය.

Auto Restart
යන්ත්‍රය ක්‍රියාත්මකව පවතින අවස්ථාවක විදුලිය විසන්ධි වීමක් සිදු වුවහොත් නැවත විදුලිය ලද සැනින් සේදීමේ ක්‍රියාවලිය නතරවූ තැන සිට ස්වයංක්‍රීයව ආරම්භ වේ.

Child & Door dual Lock
කුඩා දරුවන් සඳහා වන ආරක්ෂක අගුල සහ සේදීමේ කාලය අතරතුර දොර විවෘත කිරීම වලක්වන ආරක්ෂක අගුල

Durable Stainless Steel Drum
මළ බැඳීමෙන් තොර වානේ ඩ්‍රම් එක.

+ Many More Features...
තවත් විශේෂාංග රැසක්...

Genuine Photos Uploaded, for more photos & details, please visit our Facebook official fan page. Facebook quick access code - @kodislk
සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත. වැඩි විස්තර සහ ඡායාරූප සඳහා අපගේ Facebook නිල පිටුවට පිවිසෙන්න. Facebook ක්ෂණික පිවිසුම් කේතය - @kodislk

***************************

Showroom / ප්‍රදර්ශනාගාරය :
අංක 251/B1, මුදියන්සේගේ වත්ත පාර, කොහල්විල, කිරිබත්ගොඩ.
No. 251/B1, Mudiyansege Watta Road, Kohalvila, Kiribathgoda.
(For driving guides, type as @Kodislk on Google Maps / ගමන් මාර්ගය සොයා ගැනීම සඳහා අප ආයතනයේ ගූගල් කේත නාමය වන @Kodislk යන්න ගූගල් මැප්ස් මත සටහන් කර සර්ච් කරන්න)

Opening Hours / විවෘතව පවතින වේලාවන්
Weekdays / සතියේ දින :
6.00 PM - 10.00 PM
Weekends & All Public Holidays / සති අන්ත සහ සියලුම ප්‍රසිද්ද නිවාඩු දින :
10.00 AM - 10.00 PM

Follow Us On Facebook / ෆේස්බුක් නිල වෙබ් පිටුව :
Kodi's Group of Business (Facebook quick code : @kodislk)
ඔබගේ ෆේස්බුක් පිටුව මත අපගේ ෆේස්බුක් කේත නාමය @kodislk යන්න සටහන් කර සර්ච් කරන්න.

Viber & WhatsApp :
Use Our Dialog Number
වයිබර් සහ වට්ස්ඇප් ඇමතුම් සඳහා අපගේ ඩයලොග් දුරකථන අංකය භාවිතා කරන්න


Condition:
Used
Report this ad

Contact

  • 0702492492
  • 0767492492

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Kodi's Group

We Make Stylish Your Life...



Share this ad
Promote this ad

More ads from Kodi's Group