ikman.lk හි උපකාර සහ සහායක පිටුව සදහා සාදරයෙන් පිළිගනිමු,

මෙහිදි ඔබට අපගෙන් නිතර අසන ප්‍රශ්ණ සදහා පිළිතුරු සොයා ගත හැකි අතර සහ ikman.lk භාවිතා කරන්නේ කෙසේද, ආරක්ෂාකාරි ලෙස හිදින්නේ කෙසේද සහ අප සමග සම්බන්ද විම පිළිබද ඉගෙන ගැනිමට පිළිවන.

ikman.lk සමග ආරක්ෂිතව සිටින්න

ikman.lk හිදී ඔබේ අත්දැකීම හැකිතරම් දුරට ආරක්ෂා කිරීමට අප 100%ක්ම කැපවී සිටිමු.

ikman.lk හිදී ගණුදෙනු කිරීමේදී ආරක්ෂාකාරී වීම පිලිබඳ උපදෙස් මෙතනින් ලබාගන්න

ආරක්ෂාව පිලිබඳ සාමාන්‍ය විස්තර

  • ඔබේ ප්‍රදේශය තුල ගණුදෙනු පවත්වාගන්න. මිලදීගැනීමට පෙර විකුණුම්කරුවා මුහුණට-මුහුණ හමුවී, භාණ්ඩය හොඳින් පරීක්ෂා කර ඔබ පැහැදීමකට ලක්වූ පසු මුදල් හුවමාරු කරගන්න. විකිණිමට ඇත්තේ කොහෙද, Buy Now භාවිතා කර භාණ්ඩය කෙලින්ම ඔබ වෙත ලබා ගන්න.

  • ගාස්තුව සමගම භාණ්ඩ හුවමාරුව සිදු කරන්න. ගැණුම්කරුවන් - භාණ්ඩය ලැබෙන තෙක් කිසිදු ගාස්තුවක් නොගෙවන්න. විකුණුම්කරුවන් - ගාස්තුව ලැබේන තෙක් කිසිදු භාණ්ඩයක් නොයවන්න.
  • නිතරම ඔබේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න. පෙනුමට වඩා ඉතා අඩු මිලකට විකුනන්නා වූ භාණ්ඩ සහ සේවා සහ ඉක්මනින් මුදල් ගෙවිමේ පොරොන්දු විම් වැනි උපක්‍රම ආදී දැන්වීම් වලට නොරැවටෙන්න.
  • බැංකු ගිණුම් පිලිබඳ විස්තර, eBay/PayPal ගිණුම් ආදීය සහ අනෙකුත් තොරතුරු පිලිබඳ විස්තර ඇතුලත්ව ඔබගේ මුල්‍යමය විස්තර කිසිවිටක එළිදරවු නොකරන්න.

කූටෝපක්‍රම සහා රැවටිලි

  • කූට ගෙවීම් ක්‍රම. ikman.lk වෙබ් අඩවිය තුල කිසිම ගෙවීම් ක්‍රමයක්වත් මුදල් හුවමාරුව පිලිබඳ ආරක්ෂාවවත් සපයා නැත. එවැනි මුදල් ගෙවීම පිලිබඳ ඊ මේලයන් ලැබී ඇත්නම් කරුණාකර අපට දන්වන්න. 100% විශ්වාසදායී නොවන කිසිදු දෙයක් සදහා අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවීමෙන් හැකිතරම් දුරට වලකින්න.
  • කූට තොරතුරු ඉල්ලීම. ikman.lk කිසිවිටෙකවත් ඔබේ පුද්ගලික තොරතුරු ඉල්ලා ඊ මේල් එවන්නේ නැත. මෙවැනි විස්තර ඉල්ලා විද්‍යුත් තැපැලක් ඔබට ලැබී ඇත්නම්, එම මෙනුව විවෘත නොකරන්න. කරුණාකර එම ඊ මේලය පිළිබද වර්ථා කර මකා දමන්න.
  • කූට ගාස්තු ඉල්ලීම්. මිල දී ගැනීමකදී හෝ විකිණිමකදී භාණ්ඩයක් හෝ සේවාවක් අමතර ගෙවීමක් ඉල්ලා සිටින කවුරුන් හෝ මග හරින්න. ikman.lk කිසිදු මුලීක සේවාවක් සදහා ගෙවීමක් ඉල්ලුම් නොකරයි සහ ශ්‍රී ලංකාව තුල පිහිටුවා නොමැති අවසර නොමැති භාණ්ඩ ඇතුලත් කිරිමට ඉඩ නොදෙන නිසාවෙන් ඒසදහා ආනයන හා තැරැව් ගාස්තු ගෙවීමක් අවශ්‍ය නැත.
  • Western Union සහ MoneyGram වැනි මුදල් හුවමාරු සේවා භාවිතා කිරිමට ඉල්ලීම. මෙවැනි සේවා නොහඳුනන පුද්ගලයින් සමග ගණුදෙනු කිරීමට පාවිච්චි නොකළ යුතුයි සහ මෙමගින් බොහෝ වංචනික ක්‍රියා සිදුවිමට ඉඩකඩ තිබේ. මෙවැනි සේවා ඉල්ලීම් මගහරින්න.

ikman.lk වෙබ් අඩවියේ ආරක්ෂාව පිලිබඳ ක්‍රියාමාර්ග

ikman.lk වෙබ් අඩවිය තුල ඔබට සතුටුදායක අත්දැකීමක් ලබාදීමට අපි නිතර උත්සාහ දරමු.

ඔබේ ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග:

  • වංචනික ක්‍රියාවන් මග හැරවිම සදහා ඔබගේ ඊ මේල් ලිපිනය සගවා තබන්න.
  • වංචනික ක්‍රියාවන් සදහා හසුවිම වළකා ගැනිම සදහා ඔබේ දැන්විමේ ජංගම දුරකථන අංකය සගවා තැබිම සදහා විකල්පයක් ඉදිරිපත් කර ඇත.
  • සිද්ධියෙන් පිටුපස ඇති නුසුදුසු හෝ සැකසහිත ක්‍රියවන් වළකා අනාවරණය කර ගැනිම පිණිස අපගේ තාක්ෂණය ස්ථායිව වැඩිදියුණු කරමින් තිබේ.
  • වෙබ් අඩවියේ සිදුවන අපරාධි ක්‍රියාවන් හෝ සැක කටයුතු ක්‍රියාවන් නිවාරණය සදහා වෙබ් අඩවිය පාවිච්චි කිරීම වැළකිය හැක.

ආරක්ෂාව පිලිබඳ ප්‍රථිපල වාර්තා කරන්න

ඔබ යම් වංචාවකට හසු වි ඇති බව ඔබට හැගේ නම් කරුණාකර එම තත්වය අපට වහාම දැණුම් දෙන්න. තවද ඔබව රැවටීමකට ලක් වුයේ නම් ලගම ඇති පොලිස් ස්ථානය වෙක දැණූම් දෙන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

ikman.lk භාවිතා කරන්නන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරිමට කැපව සිටින අතර එමනිසාම භාවිතා කරන්නන්ගේ තොරතුරු පොදුවේ බෙදා නොගනියි. කෙසේ වෙතත්, භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව අප විසින් සලසනු ලබන අතරම පොලිස් දෙපාර්ථමේන්තුව වංචනික හෝ අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් පිළිබදව ඉල්ලිමක් කල විට ඒ සදහා සහායෝගය පිරිනමනු ලබයි.