බෞද්ධාගමික වැඩසටහන් කළමනාකරණය
*අසිරිමත් අවස්ථාවක්: වෙසක් සහ පොසොන් බෞද්ධාගමික විශේෂ වැඩසටහන් පැවැත්වීම සදහා හඳුන්ගිර නිවාඩු නිකේතනයේ අවස්ථා*
ශ්‍රී ලංකාවේ දස දෙසින්, ඓතිහාසික අනුරාධපුරය පූජනීය පෙදෙසට සංචාරය සදහා පැමිණෙන බැතිමතුන්ට බෞද්ධාගමික වැඩසටහන් හඳුන්ගිර නිවාඩු නිකේතන පරිශ්‍රයේ දී පැවැත්වීමට අවස්ථාව ඇත.
දානමය පිංකම්, ධර්ම දේශනා, භාවනා වැඩසටහන්, උපන්දින ආගමික වැඩසටහන්, ගැබිණි මව්වරුන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ආගමික වැඩසටහන්, කාව්‍යමය ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සෙත් පිරිත් සජ්ඣායනා ඇතුළු බෞද්ධාගමික වැඩසටහන් මීට ඇතුළත් වේ. මහා සංඝරත්නය වැඩම කරදීම, පිරිකර සම්පාදනය ඇතුළු ආගමික වැඩසටහන් ආරම්භයේ සිටම අවසානය දක්වාම ඉතා විධිමත් හා සැලසුම් සහගතව, වගකීමක් සහිතව හඳුන්ගිර කළමනාකරණය විසින් ඉටු කර දෙනු ලැබේ. එහිදී, ඉතා සාධාරණ බරපැනක් ඔබ විසින් දැරිය යුතුය. අනුරාධපුරය සංචාරය සදහා පැමිණෙන ඔබට පූජනීය පෙදෙස නෙත ගැටෙන මානයේ සිට සංචාරයට අලුත් අර්ථයක් ලබා දීමට මෙම වැඩසටහන තුළින් අවස්ථාව උදා වේ.
සුන්දර උදෑසන සහ සන්ධ්‍යාවේ පමණක් වැඩසටහන් සඳහා අවස්ථාව හිමි වේ. දානමය පින්කම් සඳහා උපරිම ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාව 12 කි. අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යය හිමි නමක් වැඩසටහන මෙහෙයවනු ලැබේ. කිසිදු දේශපාලන හෝ ඊට සමගාමී පිංකම් පැවැත්වීම සඳහා මෙහි අවස්ථාව නැත.
*වැඩසටහන ආශ්රිත විස්තරය*
ස්වාමීන් වහන්සේලා වැඩම කරවීම හා ආපසු වැඩම කරවීමේ ප්‍රවාහන ගාස්තුව රු. 3500.00 කි. (භික්ෂු විශ්ව විද්‍යාලයේ සිට හඳුන්ගිර දක්වා)
ව්‍යංජන 07 ඇතුළුව බත් වර්ග 02, ඉදි ආප්ප ඇතුළු හීල් දානය එක් ස්වාමීන් වහන්සේ නමක් සදහා රු. 2450.00 කි. (ස්වාමීන් වහන්සේලා උපරිම සංඛ්‍යාව 12 කි)
ව්‍යංජන 07 ක් ඇතුළුව බත් වර්ග 03 ක් සහිත දවල් දානය එක් ස්වාමීන් වහන්සේ නමක් සඳහා රු. 2950.00 කි. (බාස්මතී, කීරි සම්බා - රතු/සුදු )
පූජා භාණ්ඩ (අටපිරිකර, කුඩ, වටාපත්) සදහා අවශ්‍යතාවය අනුව බරපැන තීරණය වේ.
ස්වාමීන් වහන්සේලා සදහා ගිලන්පස/අතුරුපස අවශ්‍ය පරිදි සපයනු ලැබේ.(ද්‍රව්‍යය අනුව බරපැන වෙනස් වේ)
හඳුන්ගිර භූමියේ, අමතර තාවකාලික ආවරණ ඉදි කළ හැකි අතර, ඒ සදහා නියමිත සේවා ආයතනය මගින්, ඉදි කරවීමද ඉවත් කිරීමද එකී සංවිධානය විසින් ඉටු කරනු ලැබේ.(අදාළ ගාස්තු පමණි)
සියලුම වැඩසටහන් කළමනාකරණය හඳුන්ගිර නිවාඩු නිකේතනය විසින් ඉටු කරන අතර, එය රු. 3000/- සිට 20,000/- දක්වා බරපැනකි.
මෙම විශේෂ බෞද්ධාගමික වැඩසටහන් සදහා හඳුන්ගිර නිවාඩු නිකේතනයේම නවාතැන් ගැනීම අත්‍යාවශ්‍ය නොවේ. අවශ්‍ය නම්, උපරිම 25 දෙනෙකුට නවාතැන් ගැනීමට අවස්ථාව ඇත. වැඩිහිටි නේවාසිකයන් 07-11 දක්වා රු. 12,500/- කි. වායු සමීකරණ හා උණුවතුර පහසුකම් සදහා එක් කාමරයකට රාත්‍රියකට රු.1000/- කි. උපන්දින කේක් සදහා අදාළ නිර්මාණය අනුව බරපැන වෙනස් වේ.
ගැබිණි මව්වරුන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ හෙළ වෙදකම් සදහා අනුරාධපුරයට පැමිණෙන රෝගීන් සදහා ගාස්තුවෙන් අඩකි. එය මුළුමනින්ම පුණ්‍ය ක්‍රියාවක් ලෙස සලකා සම්පූර්ණ සහයෝගය ලබා දෙනු ඇත.
වෙසක් සහ පොසොන් පොහොය දිනයන් දෙකෙහිදී මහා සංඝරත්නය සඳහා බරපැන මුළුමනින්ම නිදහස් වේ.
කෙටි වේලාවන් සදහා යුවළවල් වෙනුවෙන් හඳුන්ගිර කාමර වෙන් කරනු නොලැබේ.
පුරාණ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුව ඉදි වූ කටුමැටි ගෙදර උපරිම 04 කට, එක් රාත්‍රියකට රු. 5000/- කි. (යාබද නාන කාමර සහිතයි)
සංචාරයට පැමිණෙන පිරිස් වෙනුවෙන් හරක් මස්, ඌරු මස් පිසීම හා එකී මස් වර්ග පරිභෝජනය පිණිස හඳුන්ගිරට රැගෙන ඒම සපුරා තහනම් වේ.
ආගමික වැඩසටහන් අළුයම 5.30 සිට රාත්‍රී 10.00 අතර කාලයට මුළුමනින්ම සීමා වේ. සංචාරක කණ්ඩායම් විසින් ඉවුම් පිහුම් සිදු කර ගැනීම සදහා අදහස් කරන්නේ නම්, ඊට අවශ්‍ය සියලුම උපකරණ හා ගෑස් සම්පාදනය කරනු ලැබේ. එකී මුළුතැන්ගෙයි උපකරණ භාවිතය සදහා දිනකට රු.1000/- කි.
අමතර විදුලි උපකරණ බාහිරින් රැගෙන හඳුන්ගිර තුළ භාවිත කරන්නේ නම් ඒ සදහා උපකරණ ධාරිතාවය හා භාවිත කාලය අනුව විදුලි බරපැනක් දැරිය යුතුය.
හඳුන්ගිර භූමියේ පලතුරු ගස් ඇතුළු අනෙක් ශාඛවලට හානි කිරීම හෝ පලතුරු කැඩීම නොකළ යුතුය. (කැමරා සවි කර ඇත)
හඳුන්ගිරට පැමිණෙන සියලුම සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කරනු ලැබේ. නුවර වැවේ දිය නෑමට අදහස් කරන පිරිස් උපදෙස් ගෙන ඒ සදහා යොමු වීම වඩා උචිත වේ. මෙහි එක් සංචාරක කණ්ඩායමකට හඳුන්ගිර පරිශ්‍රය සම්පූර්ණයෙන් වෙන් කෙරේ. එකී කණ්ඩායමට හඳුන්ගිර පරිශ්‍රය සම්පූර්ණයෙන් පරිහරණය කිරීමේ හැකියාව ඇත. වෙන් කරන පිරිසට අමතර සංචාරකයන්ට නවාතැන් ගැනීමට අවස්ථාව නැත. නොවැළැක්විය හැකි හේතුවකින් නවාතැන් ගැනීමට සිදුවුවහොත්, ඒ සදහා එක් පුද්ගලයෙකු රු. 600/- ක බරපැනක් දැරිය යුතුය.
හඳුන්ගිර කිසියම් සංචාරක කණ්ඩායමක් වෙන් කරන්නේ නම්, නේවාසික සංඛ්‍යාව නිවැරදිව ප්‍රකාශ කළ යුතුය. එක් එක් කාමරවල නියමිත සංඛ්‍යාවට වඩා වැඩියෙන් නවාතැන් ගැනීම නොකළ යුතුය.
'කෙතක සිරිය
වැවක සිහිල
මලෙක සුවඳ...'
එකම තැනෙක.. සොබාදහමේ සොඳුරු නවාතැන..
"හඳුන්ගිර"
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!